Image

ජනතා ප්‍රතිචාර දිරිගන්වන සුළුයි… මහා මැතිවරණයට සූදානම්..! – දිලිත්

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කිරීමට තමන් සුදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

“අපි කරේ උත්සාහයක්. අපි උත්සාහ කළේ සාම්ප්‍රදායෙන් පිට යමක් කරන්න. ඒ උත්සාහය තුළ හොඳ පණිවුඩයක් ජනතාව ලබාදීලා තියෙනවා. ඒක අපේ උත්තේජනයට හා අභිප්‍රේරණයට හේතුවුණා.

අපි විශ්වාස කරනවා ලංකාවේ යාපනයේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා අපිට ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඒ වගේම අපි හිතනවා ලංකාවේ තාරුණ්‍ය ඉල්ලා සිටිය වෙනස නිර්මාණය කරන්න යම් අඩිතාලමක් දාන්න අපිට පුළුවන් වුණා කියලා. ඒ ගැනත් අපි සන්තෝස වෙනවා.

බලාපොරොත්තු වෙනවා නුදුරු අනාගතයේ දී එළැඹීමට මහ මැතිවරණයේ දී දිවයින පුරා තරග කරන්න. ඒ තුළින් අපි බලාපොරොත්තු වන වෙනසට අවශ්‍ය උපායමාර්ගික සැලැස්ම, දේශපාලනික සැලැස්ම නිර්මාණය කරගන්න.”

TRENDING POST