Image

අනුර ජය ගැනීමෙන් ඩොලර් බැදුම්කර අගය පහලට.. IMF ණය අවදානමේ..- Bloomberg

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය ප්‍රකාශ කළේය.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ආධාර වැඩසටහන මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකිරීම සඳහා එළැඹ ඇති ගිවිසුම්ද අනුර කුමාර දිසානායක මහතා ලද ජයග්‍රහණයත් සමග අවදානමට ලක්ව ඇතැයි එම පුවත් සේවය පැවැසුවේය.

මෙරට බැඳුම්කර ඩොලරයට සාපේක්ෂව අද (23) ශත 3.1 කින් පහත ගොස් ඇති බවත් එය වසර දෙකක පමණ කාලයකදී සිදුවූ විශාලතම පහළ යෑම බවත් බ්ලුම්බර්ග් පුවත් සේවය ප්‍රකාශ කළේය

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහාය අවශ්‍ය බවත් තම රජය සියලු දෙනා සමග එක්ව කටයුතු කිරීමට සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කිරීමත් සමග රුපියල් ශක්තිමත්වී තිබෙන බවද එම පුවත්සේවය පෙන්වා දුන්නේය.

තවද 2029 වසරේදී කල් පිරෙන බැඳුම්කර මෙම කාර්තුවේදී සියයට 15 කින් පමණ පහත වැටෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් පුරෝකතනය කර තිබෙන බවද බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය.

ඡන්ද දායකයින් අතර දැඩි ලෙස අප්‍රසාදයට පත්වූ රජයේ වියදම් කප්පාදුව සහ බදු ඉහළ දැමීම කැපවීමක් වී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන සම්බන්ධයෙන් නැවත සාකච්ඡා ආරම්භ කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට පෙර පොරොන්දුවක් ලබාදී තිබෙන බවද ආර්ථික විශ්ලේෂකයන් පෙන්වාදී ඇතැයි එම පුවත්සේවය පැවැසුවේය.

එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන සහ ණය හිමියන් සමග ඇතිකරගත් ගිවිසුම්වලට නව පරිපාලනය ගරු කාරවි දැයි යන ප්‍රශ්නය මතුකරන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසවී ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනට අදාලව ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවත් නව ජනාධිපතිවරයා සහ ඔහුගේ පක්ෂය පුළුල් ලෙස මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනට අනුකූලව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් කොළඹ කොටස් වෙළෙඳපොළේ සභාපති ඩිල්ෂාන් විරසේකර බ්ලූම්බර්ග් රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන අවලංගු වීමේ අවදානමක් තිබෙන බවට තමන් විශ්වාස නොකරන බවත් නැවත සාකච්ඡා ආරම්භ කළත් මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන විශාල ලෙස වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවත් වීරසේකර මහතා එහිදී පැවැසුවේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.