Image

උදේ දිවුරුම් දුන් ජනපති දවල් වෙද්දී නුවර ගියේ උඩින්ද?

ඊයේ පෙරවරුවේ ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක දහවල් ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගෙන මහනාහිමිවරුන් බැහැදැකීම සදහා මහනුවර බලා ගමන් කොට තිබුණේ තමන් මෙතෙක් කල් භාවිත කළ සාමාන්‍ය මෝටර් රථවලින් බව වාර්තා වේ.

ඔහු කොළඹ සිට කුරුණැගල හරහා මධ්‍යම අධිවේගී මාර්ගය ඔස්සේ මහනුවර බලාගොස් තිබේ.

නව ජනාධිපතිවරයා හෙලිකොප්ටර් භාවිත නොකර මෙලෙස සාමාන්‍ය රථ දෙකක් පමණක් යොදාගනිමින් මහනුවරට පැමිණීම එහි සිටි ජනතාවගේ පැසසුමට ලක්වන අන්දම දැකගත හැකිවිය.

TRENDING POST