Image

සිව් පුද්ගල කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අදයි.!

ශ්‍රී ලංකාවේ නම වැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පිහිටුවනු ලබන නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම් දෙනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

අනුර කුමාර දිසානායක මහතාට අයත් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ නම විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් අනතුරුව මේ වනවිට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනාධිපතිවරයා ද ඇතුළුව සිව්දෙනෙකු පාර්ලිමේන්තුවේ රැඳී සිටිති.

මහ මැතිවරනයෙන් පසු නව පාර්ලිමේන්තුව තේරී පත්වන තෙක් මෙම සිව් පුද්ගල කැබිනට් මණ්ඩලය එම ධුරවල කටයුතු කිරීමට නියමිතය.

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය රැස්කර පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මුදල් වෙන්කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර නව අමාත්‍යංශ ලේකම් ධුර කිහිපයක්ද පත් කිරීමට නියමිත බව සඳහන් වේ.

බොහෝදුරට අද මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

TRENDING POST