Image

රනිලුයි මමයි එකතු වෙලා තරඟ කළත් පරාදයි…! – සජිත්…

අංක ගණිතමය වශයෙන් පමණක් බැලුවහොත් එජාපය සහ සජබ එකතු වී ජනාධිපතිවරණයට තරඟ කළේ නම් ජයග්‍රහණය කළ හැකිව තිබූ බව කිව හැකි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙත් ගැඹුරු දේශපාලන විග්‍රහයකට ගියහොත් එය යථාර්ථයක් නොවන බව පැහැදිලි යැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයට එජාපය සහ සජබ එකතු වී තරඟ කළේ නම් ජයගත හැකිව තිබූ බවට මතයක් ඇතැයි මාධ්‍ය විමසූ අවස්ථාවේ ඔහු මේ බව කීය.

ඉදිරි මහා මැතිවරණයට සමගි ජන සන්ධාන අගමැති අපේක්ෂකයා ලෙස පක්ෂයේ ඒකමතික තීන්දුව අනුව තමන් ඉදිරිපත් වන බව ද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

අද (24) සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති පක්ෂ සංවිධායක හමුවකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.

TRENDING POST