Image

අනුරට බයේ ගෝඨා දුවන දිවිල්ල.. නේපාලයෙන් මතුවෙයි.!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට පෙර ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක දිවුරුම් දීමත් සමග හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දියාවේ සිට නේපාලයට පැමිණ ඇති බව එරට පුවත් සේවා වාර්තා කරයි.

හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂට එලෙස රටින් රටට යාමට අනුග්‍රහය දක්වන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රි විසින් බවද සදහන් කරයි.

ප්‍රකෝටිපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍ට ශ්‍රී ලංකාවේ හෝටල් සහ බැංකු මෙන්ම ඉන්දියාව සහ මාලදිවයින ඇතුළු දකුණු ආසියාව පුරා ව්‍යාපාර ඇති බවද සදහන් කරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මෙම සංචාරය දේශපාලනික වශයෙන් නොව පුද්ගලික සංචාරයක් වන අතර ගෝඨාභය ජම්සිඛෙල් හි විවන්තා හෝටලයේ නවාතැන් ගෙන ඇත.

TRENDING POST