Image

ගෝල්ෆේස් පිටියේ ගාල් කර ඇති වාහන ලේකම් වරුන්ගේ නොවේ.. ලේ රත් වෙන කතාවක් වසන්ත හෙළි කරයි.!

නව ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමග විවිධ පුද්ගලයින් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන ජනාධිපති කාර්යාලය අසල බාලදක්ෂ මාවතේ පිහිටි රථ ගාලේ සහ පදනම් ආයතනය ආසන්නයේ ගාල්කර තබා ගොස් ඇත.

අද එම රථ ගාලට පැමිණී ජාතික ජල බලවේගය ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පැවසුවේ මෙලෙස රථ වාහන දමා ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරියේදී විමර්ශනා සිදු කරන බවයි.

“ජනාධිපති කාර්යාලයට අයිති වාහන 833ක් පිළිබඳ තොරතුරු ලේඛණවල තියෙනවා. ඒ වාහන 833න් වාහන 29 ක් 2024 වනවිටත් අතුරුදහන්. අපි අහනවා මේ රටේ හිටපු ජනාධිපතිවරු රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂම, මහින්ද රාජපක්ෂ මේ අය මේ වාහන ගිලලද ගියේ. තමන්ට වගකීමක් තියෙනව ධූර කාළය අවසන් වුනාම ඒව ජනතාවට භාරදීල යන්න.

අනුර දිසානායක වැඩ භාරගෙන දවස් දෙකයි. අපි මේ දවස් දෙකට කියන්නේ මේ විස්තර. ජනාධිපති ලේකම් කාර්යාලට අයිති වාහන 253ක් පිට ායතන වලට දීල දුවවනවා. දැන් ඒවා තමයි මේ දුවගෙන ඇවිල්ල තැන් තැන්වල දාල ගිහින් තියෙන්නේ.

මෙතන විතරක් නෙවෙයි. පදනම් ආයතනයෙත් තව නවත්තලා තියෙනවා වංචාව දූෂණය වගේම මේ නාස්තියත් නවතිනවා කියන එකට ශාක්ෂි තමයි මේ තියෙන්නේ.

එතකොට මේ වාහන වගකීම් විරහිතව ගෙනත් දාල ගිහින් තියෙනවා. ඒ වාහන බාර දුන්නේ කාටද කොහොමද කියන එක අපි යොයනවා ඊට අදාල නීතිමය පියවර ගන්නවා”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.