පාර්ලිමේන්තුව විසිරුවාහැරීමෙන් අනතුරුව මහ මැතිවරණය සඳහා වන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
“2024 සැප්තැම්බර් 24 වෙනිදා අංක 2403/13 දරණ විශේෂ ගැසට් නිවේදනය මඟින් ඊයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළා. එම විසිරුවාහැරීමත් සමඟම සඳහන් වෙනවා ඊළඟට පාර්ලිමේන්තුව රැස්විය යුතු දිනය. ඒ අනුව 2024 නොවැම්බර් මස 21 වැනි දින පාර්ලිමේන්තුව රැස්විය යුතුයි.
ඒ සමගම 2024 නොවැම්බර් මස 21වෙනි පාර්ලිමේන්තුව රැස්වීමට හැකිවන ආකාරයට 2024 දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බව සඳහන් වෙනවා.
ඒ සමගම එම නිවේදනයේ සඳහන් වෙනවා මෙම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ඔක්කෝබර් මස 04 වැනි දින සිට 11 වනදින මධ්‍යහන 12 දක්වා පැවැත්වෙන බව.
ඒ වගේම දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල මැතිවරණ කොට්ඨාශ 22 හි අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඔක්තෝබර් 4 සිට 11 වනදා දක්වා දින හතක කාලයක් තුළදී නාමයෝජනා බාරගැනීමේ කටයුතු සිදු කිරීමට තිබෙනවා.
අදාළ මැතිවරණ කොට්ඨාශය භාර තේරීම් භාර නිළධාරීවරයා ඉදිරියේදී තමයි නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදුවන්නේ.
මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 84ක් තිබෙනවා. එම පක්ෂ 84ට අදාළව ඔවුන්ට මෙම මැතිවරණය සඳහා තරග කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ස්වාධීන අපේක්ෂකයන්ටත් මේ මැතිවරණය සඳහා තරඟකිරීමේ හැකියාව පවතිනවා.
එක් එක් දිස්ත්‍රික්කයේ තරඟ කරනා මන්ත්‍රීවරු සංඛ්‍යාව අපේක්ෂකයන් සංඛ්‍යාව පිළිබඳව මැතිවරණ කොමිසම විසින් නිවේදනය කරනු ලබනවා. ඒ අනුව ඊට අදාළව එක් එක් මැතිවරණ කොට්ඨාශයේදී නාමයෝජනා පත්‍රයේ නම් සඳහන් වියයුතු අපේක්ෂකයින් ගණන සඳහන් කරනු ලබනවා.
මෙම මැතිවරණය පැවැත්වෙන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ඒ අනුව මැතිවරණ කොට්ඨාසය සඳහා ලැයිස්තුවක් ඉදිරිපත් වෙනවා. ඒ ඒ දේශපාලන පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව අනුව ඔවුන්ට එම දිස්ත්‍රික්කයට අදාලව මන්ත්‍රී සංඛ්‍යාවේ යම් ප්‍රමාණයක් ඔවුන්ට හිමිවෙනවා.
ඒ හිමිවන ප්‍රමාණයට අදාලව අපේක්ෂකයන් කවුද කියන එක මනාප ක්‍රමය යටතේ වැඩිම මනාප ගත්ත අපේක්ෂකයන්ගෙන් තීන්දු වෙනවා. මේ අපිට හුරු මැතිවරණ ක්‍රමයක් සුපුරුදු පරිදි 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ ආකාරයටම ඒ අදාල නීතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනවා.

