Image

දේශපාලනඥයින් පාසැල් වලට ගෙන්වීම තහනම්.. අග්‍රමාත්‍යවරියගෙන් තවත් විශේෂ නියෝගයක්.!

නව අග්‍රමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ ජනතා නියෝජිතයින් පාසල්වලට ගෙන්වා ගැනීම නතර කරනා ලෙසයි.

අද (26) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සියළු අංශවල නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව දැනුම්දුන් බව බවයි අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහිදී අග්‍රමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරීම වත්මන් රජයේ පුමුඛ අරමුණක් බවත් අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමටද තීරණය කර ඇති බවත් අවධාරණය කළ බව සඳහන්.

ඊට අමතරව ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටු විය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිලිබඳ පූර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසද අගමැතිවරිය උපදෙස් ලබාදුන් බව වාර්තා වෙයි.

එම මාධ්‍ය නිවේදනය පහතින්.

TRENDING POST