Image

අපි දේශපාලනෙන් හම්බ කළේ නෑ.. යන්න වාහන කටුවක්වත් නෑ…! – එස්.එම්. චන්ද්‍රෙස්න

තමන්ට ලැබුණු වාහනය කලින් ම භාර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රෙස්න පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනතාව දේශපාලකයින් කෝටි ගණනින් හම්බ කරන දූෂිතයන් යැයි හංවඩු ගැසුව ද තමන්ට කියා වාහනයක් පවා නොමැති බවයි.

තමා දැනට භාවිත කරන කුඩා රථය සිය මිතුරෙකුට අයත් එකක් බව ද මන්ත්‍රීවරයා කීය.

කොළඹ පැවැති සාකච්ඡාවකට අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එස්.එම්. චන්ද්‍රෙස්න මේ බව සඳහන් කළේය.

TRENDING POST