රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිඛිතව දැනුම් දී ඇත්තේ ඔවුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත භාර දෙන ලෙසටයි.
අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පහළොවකට ආසන්න පිරිසක් රජයේ නිල නිවාස සහ බංගලා භාර දීම සඳහා දැනටමත් විමසීම් කර ඇති බවයි.
පසුගිය රජය විසින් හිටපු අමාත්‍යවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ ආයතන කිහිපයකට ලබා දී තිබූ කොළඹ රජයේ බංගලා සංඛ්‍යාව 50 කට අධික බව පැවසේ.

