Image

බොරලුගොඩ සිංහයාට එරෙහිව දුම්බරින් සුනඛ චෝදනාවක්.!

දුම්බර හිමිකම් සුරකීමේ සුභසාධක සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකරමින් පවසා සිටියේ මෙරට විශාලම ඉඩම් මංකොල්ලය සම්බන්ධයෙන් පසුගිය රජයන් 4 කට පැමිණිලි කර ඇති නමුත් කිසිදු විමර්ශනයක් සිදු නොවූ බවත් මෙවර අනුර දිසානායක ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු රජය ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරනු ඇතැයි විශ්වාස කරනා බවයි.

එම සංවිධානය පවසන්නේ අක්කර 1850කට අධික මෙම ඉඩම් මංකොල්ලය සඳහා ත්‍රාඩ රාජ්‍ය සේවකයින් සහ දේශපාලකයින්ද සම්බන්ධ බවයි.

මෙම දූෂණය ආරක්ෂා කරන ලද්දේ පසුගිය රජයේ අග්‍රාමාත්‍යවරයා බවට චෝදනා කරනා එම සවිධානයේ පිරිස් වැඩිදුරටත් පැවසූවේ රජය සතු මෙම දේපොළ කිරිඇල්ල නැදුන්විහාරේ යන අයට සාංඝික දේපොළක් ලෙස පවරා ඇති බවයි.

එම වන්චාවට අදාළ සියලු ලිපි ලේඛන ඇතුළුව පැය 4කට ඇදික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ තොරතුරු ලබාදීමෙන් අනතුරුව එම සංවිධානයේ සාමාජිකයින් මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

TRENDING POST