ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය හැරදා හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සමග එක්වූ පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් පොදුජන පෙරමුණ සමග එකතු වීමට ආරාධනා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.
පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවත් රටේ දක්ෂ තරුණ තරුණයින්ට වැඩි අවස්ථාවන් ලබාදීමට කටයුතු කරන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.

