මෙරට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස නඩත්තු කිරීම සඳහා (2022- 2024) වසරවල රුපියල් කෝටි 27ක් පමණ වැය කර ඇති බව මහ බැංකු වාර්තාවල සඳහන් වේ.
මෙම හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම සඳහා පසුගිය 2022 වර්ෂයේදී රුපියල් කෝටි හතක්, 2023 වර්ෂයේදී එය කෝටි අටක් සහ 2024 වර්ෂයේ මේ වනවිට එය කෝටි 11කට වැඩි මුදලක් දක්වා වර්ධනය වී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ සදහන් කරයි.
හිටපු ජනාධිපතිවරුන්ට සහ හිටපු ජනාධිපති ආර්යාවට වෙන්කර ඇති මුදල් ප්‍රමාණයේ 45%ක පමණ වර්ධනයක් පෙන්නුම් කරන බවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ සදහන් කරයි.
චන්ද්‍රිකා කුමාරතුංගට 2024 වසරේදී රුපියල් එක්කෝටි පනස් හය ලක්ෂ හැත්තෑ දහසක මුදලක්, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් දෙකෝටි අනූ එක් ලක්ෂ හැත්තෑ දහසක මුදලක් හා හේමා ප්‍රේමදාසට රුපියල් හැට අට ලක්ෂ විසි දහසක මුදලක් බැගින් වෙන්කර ඇති බවද මහාචාර්යවරයා සදහන් කරයි.

