හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන කණ්ඩායම ඉදිරි මහ මැතිවරණයේදී ව්‍යවසායක දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධාන ගතවීමට සාකච්ඡා අරඹා ඇත.
සන්ධාන ගතවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා කළ බවත් නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය පොදුජන එක්සත් නිදහස් පෙරමුණ සමග සන්ධානගත වීමට දැනටමත් එකඟත්වය පළකර ඇති බවද හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි.
මේ අතර හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සභාපතිත්වය දරන පොදුජන එක්සත් නිදහස් පෙරමුණට විපක්ෂයේ සිටින තවත් පාර්ශ්වයන් සම්බන්ධ කර ගැනීමට වෛද්‍ය රමේෂ් පතිරණ ඇතුළු කණ්ඩායමක් මේ දිනවල කටයුතු කරගෙන යන බව වාර්තා වේ.

