Image

දමා ගිය වාහන කිසිවෙකුට නැවත බෙදා දී නෑ.. ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා දමනවා.!

පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අවට තවත් ස්ථාන තුනකදී අත්හැර දමා ගොස් තිබූ රජයට අයත් සුඛෝපභෝගී වාහන විශාල ප්‍රමාණය නැවතත් රාජ්‍ය නිලධාරීන් සහ ලේකම්වරු අතරේ බෙදාදීමට තීරණය කළ බවට පැතිරයන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ කිසිවිටකත් නැවත එම වාහනය නිලධාරීන් වෙත බෙදා දීමක් සිදු නොවන බවයි.

සමරසිංහ මහතා සඳහන් කර සිටියේ රජයේ අවශ්‍යතාවයන් හඳුනා ගනිමින් වනජීවී දෙපාර්තමේන්තුව වැනි ස්ථානවලට සුදුසු වාහන ( ඩබල් කැබ් වැනි වාහන) අවශ්‍යතාවයන් අනුව ලබාදීමට කටයුතු කරන අතර එමෙන්ම ඉහළ ඉන්ධන පරිභෝජනයක් සහිත ලීටරයට කිලෝමීටර් තුන හතරක ඉන්ධන කාර්යක්ෂමතාවක් පවතින වාහන ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා දමා එම මුදල් ප්‍රතිපාදන වලින් රෝහල් ආදි ස්ථානවලට අවශ්‍ය ගිලන් රථ වැනි වාහන ලබාදීමට තීරණය කර ඇති බවයි.

TRENDING POST