ආපසුගියදා මහත් ආන්දෝලනයට හේතු වූ අවිධිමත් වශයෙන් ලබා දී ඇති මත් පැන්හල් බලපත්‍ර සියල්ල වහාම අවලංගු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ විශ්වසනීය ආරංචි මාර්ග පවසයි.
මෙම බලපත්‍ර පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා සුරා බදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිළදාරීන් කීපදෙනෙක් කැඳවා විමසීමක් කළ බවද වාර්තා වෙයි.
මේ ආකාරයෙන් ලබා දුන් බලපත්‍ර ප්‍රමාණය සහ ඒවා ලබා ගත්තේ කවුද යන්න පිළිබඳව පූර්ණ වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙසත් එම අවස්ථාවේදී ජනාදිපතිවරයා නියෝග කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
කෙසේවෙතත් මේ වන විට අනාවරණ වී ඇත්තේ පසුගිය ආණ්ඩුව සමයේ මැතිවරණය ඉලක්ක කරගනිමින් මත් පැන් හල් බලපත්‍ර 300කට අසන සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවයි.
එමෙන්ම ඊට පෙරත් අවිධිමත් ලෙස ලබා දී ඇති මත්පැන් හල බලපත්‍ර පිළිබඳව සොයා බලා ක්‍රියාමාර්ග ගන්නා බවත් රට පුරා මේ වනවිට නව තැබෑරුම් විවිධ දේශපාලනඥයන්ගේද මැදිහත්වීම ඇතිව විවෘත කර ඇති බවත් සඳහන්.

