Image

අවසන් මොහොතේ එජාපය දෙකට කැඩෙයි.. ප්‍රබලයින් රැසක් සජිත් ලගට.!

එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජේවර්ධන, නවීන් දිසානායක ඇතුළු කණ්ඩායමක් විපක්ෂ සමගි ජන බලවේග පක්ෂය හා එක්වීමට මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ හා යටිනුවර ආසන සංවිධායක මහේෂ් සේනානායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග එක්වීමෙන් එක්සත් ජාතික පක්ෂය තුළ අස්ථාවර තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂය තුළ හටගෙන ඇති අස්ථාවර තත්ත්වය හේතුවෙන් එම පක්ෂයේ ප්‍රබලයින් ගණනාවක් සිය පක්ෂය හැරගොස් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග එක්වීමට සැලසුම් කරමින් ඇති බවද වාර්තා වේ.

අගමැති අපේක්ෂක ධූරය සහ නව සන්ධානයේ නායකත්වය තමාට අවශ්‍ය බවත් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් විය යුතු බවට සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කිරීම නිසා පක්ෂ දෙක එකතුවීම කිසිසේත්ම නොවන සිද්ධියක් බවට මේ වනවිට තහවුරු වී ඇත.

TRENDING POST