Image

මහ මැතිවරණයට අලියා එපා.. රනිල් පරණ සටන යළිත් අරඹයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට එකඟවී ඇත.

එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතව තරග කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඇතුළු සෙසු පක්ෂ මහ මැතිවරණය සදහා තරග වදින සලකුණ හා සන්ධානය පිළිබඳ අවසන් එකඟතාවකට එළැඹීමට තීරණය කළේය.

මහ මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ තවත් විශේෂ රැස්වීම් කිහිපයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවැත්විණ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබුණේය.

TRENDING POST