Image

මහජන ආරක්ෂක ලේකම් වැඩ අරඹයි.. සියලු අපරාධ ෆයිල් එළියට.!

ආන්දෝලනයට තුඩුදුන් අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය මගින් පවත්වනු ලබන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න කටයුතු කළේය.

දැනට සිදු කරගෙන යන විර්මශන මොනවාද, තාවකාලිකව නවත්වා තිබෙන විමර්ශන වේ නම් ඒවා මොනවාද, එසේ නැවතීමට දේශපාලනික හේතු බලපා තිබෙනවාද, අනවශ්‍ය ලෙස ප්‍රමාද වී තිබෙන විර්මශන, අළුතෙන් ආරම්භ කළ යුතු විර්මශන තිබෙනවාද, ඒවා මොනවාද යන්න සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළේය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පැවැත්වු අතර එම සාකච්ඡාව සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගි විය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.