වර්තමාන ජනාධිපතිවරයා මාස කිහිපයකට පෙර දූෂිත මැති ඇමති සහ නිලධාරීන්ගේ විස්තර අඩංගු ලිපිගොනු විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර පවසයි.
ඒ පිළිබඳ මෙතෙක් කිසිවක් සිදුකර නොමැති බව පෙන්වා දුන් හිටපු මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයා සිය බලය පාවිච්චි කරමින් අදාළ විමර්ශන කටයුතු ආරම්භ කළ යුතු බව සඳහන් කළේය.
අනතුරුව දූෂිතයන්ට දඬුවම් ලබා දී ජනතාවට සහනයක් උදා කළ යුතු බව ද සරත් වීරසේකර ඉල්ලා සිටියි.

