Image

රනිල්ට විරුද්ධව සජිත් සටන් කරද්දි ලාල් කාන්තලා හැංගුණා

ජනාධිපතිවරණ අවසාන සමයේ සැඟව සිටි කේ.ඩී. ලාල්කාන්ත මහතාට නැවත කරළියට පිවිසීමට අවස්ථාවක් හිමි වීම පිළිබඳ සතුටු වන බව සමගි ජන බලවේගය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලාල්කාන්ත විසින් පසුගිය සමයේ සජිත් ප්‍රේමදාස ඉටු කළ විපක්ෂ නායක භූමිකාව අවප්‍රමාණ කිරීම හෙළා දකින බවත් එමගින් අවධාරණය කරයි.

පසුගිය ආණ්ඩුවේ අත්තනෝමතික ජනතා විරෝධී ක්‍රියාවලට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායම එරෙහි වන විට ලාල්කාන්තලාගේ කඳවුර ඒවා මගහැර පළා ගිය බව ද එම නිවේදනය මගින් චෝදනා කරයි.

රට කඩා වැටුණු අවස්ථාවේ විපක්ෂ නායකවරයා විදෙස් රටවලින් ආයෝජන සහ ආධාර ලබා ගැනීමට කටයුතු කරන අතර ඇතැම් පාර්ශ්ව රටට ඩොලර් එවන්න එපා යැයි ප්‍රකාශ කළ බව ද ඉන් සිහිපත් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.