Image

ආගමේ නමින් තමාට නැඟූ අවලාද සිනහවකින් බැහැර කළ ජනපති සංඝරත්නය ඉදිරියේ කියූ කතාව

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිපූජ්‍ය මකුලෑවේ විමලනායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී සංඝයා වහන්සේ සමඟ කෙටි පිළිසඳරක යෙදුනු ජනපතිවරයා ඉදිරි මහ මැතිවරණයෙන් පසු රටේ ජනතාවාදී ව්‍යවස්ථාවක් සකස්කිරීමේ අවශ්‍යතාවයද සිහිපත් කළේය.

මෙහිදී මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ තානාපතිවරුන් සහ ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී උගත්, බුද්ධිමත් ගැළපෙන පිරිසක් පත් කිරීමට කටයුතු කරනා ලෙසත් දේශපාලනය පිළිබඳ නොසිතා වගකීම් සහිතව කටයුතු කරනා පුද්ගලයන් පත් කරනා ලෙසත්ය.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව ආගම මුල් කරගනිමින් අවලාද නැඟීමට ඇතැම් කණ්ඩායම් සංවිධානාත්මකව ක්‍රියා කළ ආකාරය සිහිපත් කළ මහා සංඝරත්නය එම ප්‍රකාශ සාවද්‍ය බව මේ වන විටත් තහවුරු වී ඇති බවද පැවසීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.