Image

ජනවාරි සිට යළිත් පැරණි මිලට ජපන් වාහන.!

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා පවසන්නේ ලබන ජනවාරි මාසයේ සිට වාහන ආනයනය සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන ඇති බවයි.

එලෙස ජපන් සහ යුරෝපීය වාහන ආනයනයේදී බදු වැඩි කිරීම සම්බන්ධයෙන් පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඔහු පවසයි.

ඔහු පවසන්නේ වාහන ගෙන්වීමේදී 600%ක බද්දක් පනවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ කටකතා පැතිර ගොස් ඇති අතර, එවැනි බද්දකට යටත්ව කිසිවෙකුට වාහන මිලදී ගැනීමට නොහැකි බවයි.

ලබන ජනවාරියේ වාහන ආනයනය ආරම්භ කිරීමෙන් පසු මේ වනවිට අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක පවතින ඉතා පැරණි වාහන වෙළෙඳපොළ කඩා වැටෙනු ඇති බවට වූ බියෙන් බොහෝ වාහන අලෙවි මධ්‍යස්ථාන හිමියන් කටකතා මවා ජනතාව රවටා දැනට පවතින තොග විකුණා ගැනීමට උත්සාහ කරන බවද වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා සඳහන් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.