Image

සඳුදා සිට රුපියල් 25,000ක සහනාධාරයක්.!

එළඹෙන සඳුදා සිට රුපියල් 25,000ක පොහොර සහනාධාරය වී ගොවීන් සඳහා ලබාදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.

පොහොර සහනාධාරය ලබාදීම සඳුදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවත් අනතුරුව පොළොන්නරුව, අනුරාධපුර, මහියංගනය, මහවැලි කලාපවල ගොවිජනතාවට ලබාදෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍ය විජිත හේරත් තවදුරටත් සදහන් කළේ,

“මේ මහ කන්නය අරම්භ වෙන්නේ. ලබන සතියේ සඳුදා වෙනකොට අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට මේ පොහොර සහනාධාරය. වැඩි කරපු එක ලබාදෙන්න කටයුතු කරනවා.

ඊට පස්සේ පොළොන්නරුව, අනුරාධපුර, ඒ වගේම මහියංගනය, මහවැලි කලාපවල ගොවිජනතාවට ක්‍රමාණුකූලව මෙය ලබාදෙන්න කටයුතු කරනවා.”

TRENDING POST