Image

ලක් රජයෙන් අභීත තීන්දුවක්.. ජිනීවා යෝජනාවට තදින් විරුද්ද වෙයි

 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති යෝජනාව කෙටුම්පතක් ප්‍රතික්ෂේප කිරීමට රජය තීරණය කර ඇත.

එමෙන්ම එම කවුන්සිලයේ 51/1 යෝජනාවට දිගටම විරුද්ධත්වය පල කිරීමටද රජය තීරණය කර තිබේ.

 ශ්‍රී ලංකාවේ යුධ සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණය බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවක් නොපිළිගැනීමද රජය තීරණය කර ඇත.

නමුත් එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවද දේශීය ක්‍රියාවලියක් තුළින් සංහිඳියාව ඇතුළු ප්‍රධාන මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමටද ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති අතර ඒ සඳහා වන කැබිනට් මණ්ඩලය යෝජනාවටද අනුමැතිය හිමි වී තිබේ.

TRENDING POST