Image

රනිල් ගෙනා මන්ත්‍රී විශ්‍රාම වැටුප් යෝජනාව අහෝසියි…!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමි වීමට වසර 10ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව අහෝසි වී තිබේ.

ඒ, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව පෙර පැවැති ලෙස පාර්ලිමේන්තු නියෝජනය කර වසර 05ක් සම්පූර්ණ කළ විට මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිවන නීතිය බලාත්මක බව ද ඇය සඳහන් කළාය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 සඳහා වූ අයවැය ඉදිරිපත් කරමින් 2023 නොවැම්බර් මස 13 වැනිදා අයවැය යෝජනාවක් ලෙස අදාළ විශ්‍රාම වැටුප් හිමිකම් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර වත්මන් ජනාධිපති අනුර දිසානායක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග මෙම යෝජනාව න්‍යාය පුස්තකයෙන් අහෝසි විය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.