Image

දැන් ගොඩක් වයසයි, ඒකයි ලැයිස්තුවෙන් එන්නේ – ගාමිණී ලොකුගේ

සිය ශරීරය තමාට ඉඩ ලබා නොදීම හේතුවෙන් තමා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවත්, ඒ හේතුවෙන් තමා ජාතික ලැයිස්තුවෙන් පැමිණෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“අපි විවිධ ක්ෂේත්‍ර වලින් දැනුම තියෙන බුද්ධිය තියෙන අයව ඉදිරිපත් කරලා තියෙනවා.රටේ ජනතාව තමයි කිව්වේ අලුත් මුහුණු ඕනේ කියලා.මේක ජනතාවගේ අතේ තියෙන කාරියක්නේ.ජනතාවගේ උවමනා අනුව තමයි අපි කටයුතු කරන්න ඕනේ….

අපි බලාපොරොත්තු වෙන්නේ විපක්ෂයක් හැටියට කටයුතු කරන්න පුලුවන් මන්ත්‍රීවරු ප්‍රමාණයක් අරගෙන විපක්ෂයේ ඉන්නෙ…

නාමල් රාජපක්ෂ මහත්තයා අද මේ පක්ෂයේ බර භාර අරගෙන තියෙනවා. ජාතික සංවිධානය හැටියට ආසන 225ටම එතුමා යන්න ඕනේ. එතුමාට එක ආසනයක විතරක් කටයුතු කරන්න බෑ.ඒක නිසා අපි තමයි ඉල්ලීමක් කලේ එතුමට ජාතික ලැයිස්තුවෙන් එන්න කියලා…

අපේ පක්ෂයේ ඇතුළේ කිසිම මතභේදයක් ඇති උනේ නෑ නාමයෝජනා පත්‍ර දෙන්න. ජාතික ලැයිස්තුවෙත් එහෙමයි…

මම ඇත්තටම ඉදිරිපත් වුණේ නැත්තේ මගේ ශරීරය ඉඩ දෙන්නේ නෑ ඉදිරිපත් වෙන්න. මොකද මගේ වයස දැන් 83යි. එදා වගේ දුවලා පැනලා යන්න බෑ.ඒත් මගේ නම ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා…”

TRENDING POST