පසුගිය රජය විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණීම සඳහා තිබු සැලසුම අත්හැර දැමීමට නව රජය කටයුතු කර ඇති බව එම සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ සදහන් කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය වඩා ලාභ ලබන ගුවන් සේවයක් බවට පත්කිරීමට අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් කරන බවත් මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගෙන් 50%ක් පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිතා කරන බවද සදහන් කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු ලැබීම හේතුවෙන් පසුගිය රජය විසින් එහි කොටස් මිලදී ගැනීම සහ කළමනාකරණය සඳහා ලංසු කැඳවා තිබුණ අතර එහි කොටස් 51% රජය යටතේ තබාගෙන ඉතිරි කොටස් 49% ආයෝජකයින්ට විකිණීමට නියමිතව තිබුණේය.

