Image

සියයට පනස් අටේ අභිලාෂය ඉටු කිරීමට අපි සූදානම්: හිටපු අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා කියයි

සියයට පනස් අටේ අභිලාෂය ඉටු කිරීමට අපි සූදානම් බව කළුතර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක හිටපු අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා මහතා පවසනවා.

ඒ බේරුවල ප්‍රදේශයේ පැවැති ග්‍රාමීය සංවාදශීලී ජන හමුවකට එක්වෙමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා මහතා…

නීත්‍යානුකූලව බලයට පත් වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තමන් බලයට ඒමට වූ ප්‍රබලම පොරොන්දු ඉටු නොකරන අතර ඒ නිසාම ජනතාව තුළ මේ පිළිබඳව මිශ්‍ර හැඟීමක් තියෙන්නේ.

ජනාධිපතිවරයාට ඡන්දය දුන්න අය තවදුරටත් බලාපොරොත්තුවෙන් ඇති.මේ රටේ ඉතිහාසයේ යම් ජනාධිපතිවරයෙක් පත්වෙලා මාසයක් තුළ ලබා ගත්ත වැඩිම ණය මුදල එතුමා ලබා ගන්න කටයුතු කරා.එතුමට ඡන්දෙ දුන්න අය අපිට නොදුන්න අය බලාපොරොත්තු වෙච්ච දේ තමයි අවම වශයෙන් ණය අරගෙන මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරන්න.කිව්වේ ණය ගන්න මොකටද ආණ්ඩුවක්. ණය ගන්න මොකටද ජනාධිපති කෙනෙක්,එහෙමයි කිව්වේ.හැබැයි අද වෙනකොට මේ රටේම ඉතිහාසයේ ඕනෙම ජනාධිපතිවරයෙක් ධුරයට පත්වෙලා,පළවෙනි මාසය තුළ ලබාගත්ත ණය ප්‍රමාණය වගේ දෙගුණයක් ණය අරගෙන තියෙනවා.ඒක අති විශාල ප්‍රමාණයක්.ඡන්දෙ දුන්න අය කණගාටු වෙනවා වෙනව ඒ වගේම නොදුන්න අයත් බලා සිටිනවා මොකක්ද මේ වෙන්නේ කියලා.

ඡන්දය නොදුන්න සියයට පනස් අටක් කල්පනා කරන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඒ සියයට පනස් අටට වටිනාකමක් තියෙන මැතිවරණය තමයි මහ මැතිවරණය,ඒ මහ මැතිවරණය තුළ සියයට පනස් අටේ මතය පාර්ලිමේන්තුව තුළ පිළිබිඹු කරනවනම් ඔවුන් අපේක්ෂා කරන ආකාරයේ රජයක් මේ රටේ පිහිටුවා ගන්න පුළුවන්.

විධායකය වෙනම පාර්ලිමේන්තුව වෙනම මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාට නෙමෙයි.නීති සම්පාදනය කිරීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාට නෙමෙයි.අඩු වැඩි වශයෙන් කල්පනා කරොත් මේ රටේ පාලන බලතල වලින් අතිමහත් බහුතරයක් තියෙන්නේ පාර්ලිමේන්තුවට.

පාර්ලිමේන්තුවට අර සියයට පනස් අටක් වෙච්ච මිනිස්සුන්ගේ අභිලාෂයන් නියෝජනය කරන නියෝජිතයන් පත් කරගන්න ලබන මාසේ 14 වෙනිදාට අවස්ථාව තියෙනවා.

අපේ අභිලාෂය වෙන්නේ මේ රටේ සියයට පනස් අටක් වෙච්ච ඒ පුරවැසියන්ගේ අභිලාෂය පාර්ලිමේන්තුව තුළ නියෝජනය වන ආණ්ඩුවක් පත්කර ගැනීම.ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපත්තිය සහ කණ්ඩායම අප සතුව ඉන්නවා.

TRENDING POST