මේ වනවිට අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
මෙතෙක් සිදු කර තිබෙන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති යම් පමණකට සාර්ථක වුවත් එමඟින් ග්‍රාමීය දිළිඳු භාවය කුමන මට්ටමකට විසඳී තිබේ දැ’යි යන්න ප්රශ්නයක්ව පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
එනිසා ඉදිරියේදී ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිළිඳුකම පිටු දැකීම බවත් රටම ආවරණය වන පරිදි ග්‍රාමීය දිළිඳු භාවය තුරන් කිරීම සඳහා නව පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
දුප්පත්කම යනු මුදල් නොමැතිකම පමණක් නොව මිනිසුන් කොට්ඨාසයක් සමාජය තුළ කොන් වීම හා බරපතළ සමාජ ව්‍යසනයක් බවත් ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම වෙනුවෙන් ඉලක්ක සහගත වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයෙහි ප්‍රගති සමාලෝචනයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

