මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවීණ රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මිය පැවසූවේ සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන පරිදි සන්නිවේදන ගැටලුවක් හේතුවෙන් තමා ලැයිස්තුවෙන් ඉවත්වී ඇතිනම් එතුමාගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය තමාට ලබාදෙන ලෙසයි.
තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් කළකිරීමට පත්ව සිටිනා බවත් කුමන්ත්රණයකින් තමාට දේශපාලනයෙන් සමුගැනීමට සිදුකළ බවත් ඇය චෝදනා කරයි.
ඇය පවසන්නේ තමා පක්ෂය වෙනුවෙන් වසර තුනක් දර දිය ඇදි බවත් අවසානයේ තමාට ඉතිරිවූයේ කළකිරීමක් පමණක් බවත් ය.
කෙසේවෙතත් පක්ෂ නායකතුමා තමා වෙනුවෙන් සාධාරණයක් ඉටු කරනා බවට දිගින් දිගටම තමාට පොරොන්දු වූ බවත් ඒ වෙනුවෙන් බලාපොරොත්තු ඉතිරිව ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

