Image

වාහන ආදායම් බලපත්‍රය ගැන විශේෂ නිවේදනයක්.!

මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

ජනතාව වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක්ව පැවතියේ පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම බවත් එය ක්‍රියාත්මක වූ බව සඳහන් වූවද අත්‍යවශ්‍යම පළාත වන බස්නාහිර පළාත සඳහා මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව අදාළ නිවේදනයේ දැක්වෙයි.

බස්නාහිර පළාතේ වාහන හිමිකරුවෙකුගේ වාහනයක් මීට පෙර ලියාපදිංචි වී ඇත්තේ වෙනත් පළාතක නම් මේ පළාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගැනීම කාලය, ශ්‍රමය, ධනය වැය වන ඉතා දුෂ්කර කටයුත්තක් බවට ජනතාව මැසිවිලි නගන බවද සදහන් කරයි.

ඒ අනුව බස්නාහිර පළාත ද හැකි ඉක්මනින් අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කරන්නට අවශ්‍ය කටයුතු සදහා අදාළ අංශවලට උපදෙස් ලබාදෙන ලෙසට අමාත්‍ය විජිත හේරත් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට උපදෙස් දී ඇත.

TRENDING POST