සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක තිස්ස අත්තනායක මහතා නාවලපිටිය ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් කියා සිටියේ මේ වනවිට රටේ ජනාධිපති අනුර දිසානායක බව තමාට නොදැනෙනා බවත් ඒ සම්බන්ධයෙන් තමාට කිසිඳු හැඟීමක්ද නැති බවත් ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ එවැනි ජනාධිපතිවරයෙකුගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් වැඩි කාලයක් නොපවතිනා බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක,
“මට නම් තාම අනුර කුමාර ජනාධිපති කියලා දැනෙන්නෙ නෑ. මට කිසිම හැඟීමක් නෑ මෙයා ජනාධිපති කියලා, පාරේ යනකොට දැනෙන්නෙත් නෑ. රැස්වීමක ඇවිල්ලා වාඩිවෙලා ඉන්නකොට දැනෙන්නෙත් නෑ.. චන්ද්‍රිකා කුමාරතුංග කියල ගන්න, මහින්ද රාජපක්ෂ කියලා ගන්න, රනිල් වික්‍රමසිංහ කියලා ගන්න අපිට දැනෙනව ජනාධිපති කියලා.. හැබැයි අනුර කුමාර ජනාධිපති කියලා දැනෙනවද.. ඒ නිසා මම කියනවා මේ ආණ්ඩුවට වැඩි කාලයක් නෑ.”

