Image

ගම්මන්පිලට සිහිකැඳවීමක්.. පස්සේ හුචු හුචු ගාන්න එපා.! නලින්ද ජයතිස්ස

සර්වජන බලය සංධානයේ පාර්ලිමේන්තු අපේක්ෂක හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මේ දිනවල සිදුකරමින් සිටිනා ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නලින්ද ජයතිස්ස මහතා අදහස් දැක්වීය.

ඒ කළුතර දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවක් අතරතුරදීය.

ජයතිස්ස මහතා වැඩිදුරටත් පවසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් මාධ්‍ය සංදර්ශණ පවත්වමින් අවධානය දිනාගැනීමට වඩා යෝග්‍ය වන්නේ එම තොරතුරු අදාළ ආයතන වලට ලබාදීම බවයි.

අපරාධ නීතියට අනුව අපරාධ තොරතුරු වසන් කිරීමත් අපරාධයක කොටසක් බව නීතිවේදියෙකු ලෙස ගම්මන්පිල මහතා හොඳින් දන්නා ඇති බවට තමා විශ්වාස කරනා බවත් ජයතිස්ස මහතා අවධාරණය කළේය.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් විමර්ශන නිසි යාන්ත්‍රණයක් යටතේ සිදුකරමින් පවතිනා බැවින් කිසිවෙකු පෙර නොතිබූ අනවශ්‍ය කළබලයක් ඇතිකරගැනීමේ උවමනාවක් නොමැති බවද ජයතිස්ස මහතා පැවසීය.

අදාල ආයතනයන් හරහා නිසි විමර්ශන සිදුකිරීමෙන් පසුව නීතිපති හරහා නඩු ගොනුකර අපරාධ සඳහා යුක්තිය ඉටු කිරීමේ කාර්‍යභාරය රජය නියත වශයෙන්ම සිදු කරනා බවත් අනවශ්‍ය කළබල ඇතිකිරීම හරහා ඇතැම් පිරිස් එම නඩු අසාර්ථක කිරීමේ යටි අරමුණක ක්‍රියාකරනා බවත් ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් එවැනි කඩාකප්පල්කාරී අරමුණු සඳහා රජය මෙහෙයවීම කළ නොහැක්කක් බවත් යුක්තිය පසඳලීමේ කටයුත්ත අධිකරණය හරහා නිසි ක්‍රමවේදයන්ට අනුව පමණක් සිදුකරනා බවත් ඔහු පැවසීය.

“අපි හරියට කාලය අරගෙන අධිකරණයේදී හරියටම ඔප්පු කරලා ඉහළම දඬුවම් ලබාදෙන ආකාරයට තමයි ඒ නඩු ගොනු කරන්නේ.. ආන්න එතකොට අපි ඒ අයට කියන්න කැමතියි තැන් තැන් වල නිකන් ආන්න අපිව දඩයම් කරනවා දේශපාලන දඩයම් කියලා හුචු හුචු ගාන්න එපා කියලා”

TRENDING POST