හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය වෙත අදහස් පල කරමින් පවසන්නේ අද (21) මෙම පාස්කු වාර්තාව එළිදැක්වීම මුල් කරගෙන තමා අත්අඩංගුවට ගැනීමක්ද සැලසුම් කර ඇති බවයි.
එහිදී උදය ගම්මන්පිල වැඩිදුරටත් පවසා සිටියේ රාජ්‍ය රහස් එළි දැක්වීමේ වරද මත තමාව වසර 14 කට සිරගත කිරීමට හැකි බවයි.
කෙසේ වෙතත් පාස්කු වාර්තාව එළිදැක්වීම කළ යුතු යැයි පවසා සිටියදී මේ වන විට සිරිල් ගාමිණී පියතුමා දැන් බියට පත්ව සිටින බවත් මේ තුළින් ජාතික ජනබලවේගය විසින් කතෝලික ජනතාව රැවටීමක් සිදු කරන බව හැගෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

