පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් පසුව පත්වන නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය වන්නේ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය බව අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.
ඉදිරියේදී බොහෝ වෙනස් වීම් සිදුවීමට නියමිතව ඇති බවත් ජාතික ජන බලවේග නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 25 කට සීමා වන බවද අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.
තවද එළඹෙන 2025 වසර සදහා දෙසැම්බර් මාසයේදී අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.
කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මේ බව සදහන් කරයි.

