Image

හොරුන්ගේ වත්කම් – දේපළ පවරා ගන්න රජයෙන් අලුත් වැඩක්.!

නීති විරෝධීව ධනය උපයා ගත් පුද්ගලයන්ගේ දේපල රාජ සන්තක කර පවරා ගැනීමට රජය විසින් නව ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එම ආයතනය “වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනය” යනුවෙන් හැදින්වීමට නියමිත අතර එය ලොව බොහෝ දියුණු රටවල ක්‍රියාත්මක වන ආයතනයක් වේ.

ඒ අනුව අයථා ලෙස උපයා ගත් මුදල් සහ හෙළිකළ නොහැකි වත්කම් හඳුනාගෙන එම පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම එම ආයතනයට පැවරෙන රාජකාරිය වේ.

මේ වනවිටත් නීති විරෝධී කළු සල්ලි ජාවාරම් සම්බන්ධයෙන් රජයට තොරතුරු ලැබී ඇති බැවින් එම තොරතුරු අනුව රහසිගත පරීක්ෂණ ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

TRENDING POST