Image

රනිල් ඉල්ලන කිසිම දෙයක් රජයෙන් දෙන්නෑ.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයෙන් ඉල්ලා සිටින කෝකියෝ, ආරක්ෂකයෝ, කුඩ කිසිවක් ලබානොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“අපි කාගෙන්වත් පළිගන්නේ නෑ. නමුත් මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන දේශපාලනයකට අපි ඉඩ දෙන්නේ නෑ.. හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුට ලබාදී තිබෙනවා වාහන 16 බැගින් ඇම්බියුලන්ස් රථයක්ද ඇතුළුව. ඇම්බියුලන්ස් රථ දෙකයි හිටපු ජනාධිපතිවරු දෙන්නා ගාව වාහන 16යි.

අපි කීව ඉතා ඉක්මනින් වාහන බාරදෙන්න කියලා. දැනට තිබෙන චක්‍රලේඛය අනුව වාහන තුනක් හිමියි. ඒ වාහන තුන ලබාදෙනවා. හැබැයි අපි දැනට කම්ටුවක් පත් කරලා තිබෙනවා එම චක්‍රලේඛය සංශෝධනය කරලා හිටපු ජනාධිපතිවරු බලාගන්න එක ආණ්ඩුව නතර කරනවා.

ආසන්නව හිටපු ජනාධිපතිවරයා අපට ලියුමක් එවලා තිබෙනවා. එතුමට අවශ්‍යයි කෝකියෝ 16 දෙනෙක්, ආරක්ෂකයෝ 163ක්, වාහන විසි ගණනක්, කුඩ 30ක්.. දෙන්න ඕනද.? දෙන්නෑ.. දෙන්නෑ මතක තියාගන්න.”

තංගල්ලේදී සංවිධානය කළ පළමු මහ මැතිවරණ රැළියට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

TRENDING POST