Image

හලාවත ඛේදවාචකය ඝාතනයක් බවට සාධාරණ සැකයක්.!

20 උදෑසන 5.30ට පමණ හලාවත නගරය ආසන්නයේ සමිදුගම මාර්ගයේ පිහිටි නිවසක් ගිනි ගැනිමෙන් නිවසේ සිටි මව, පියා හා දියණිය මියගොස් තිබේ.

වයස අවුරුදු 51 වූ සමිදුලාගේ ගෙදර සේනාරත්න (පියා), වයස අවු. 43 වූ මුහන්දිරම්රාලලාගේ මංජුලා නිරෝෂණී බණ්ඩාර (මව), වයස අවු. 15 වූ නෙත්මි නිමේෂා සෙනරත් බණ්ඩාර (දියණිය) යන අය මෙසේ මියගොස් ඇත.

මියගිය පියා හලාවත නගරයේ ඉඩම් විකිණීම සම්බන්ධව පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, මව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව මුන්නේෂ්වරම ග්‍රාමසේවා වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනිය ලෙස සේවය කර ඇත. දියණිය හලාවත ජාතික පාසලේ 10 වසරේ සිසුවියකි.

ඊයේ අළුයම ප්‍රදේශවාසීන් විසින් අදාළ දෙමහල් ගොඩනැඟිල්ලේ පහත මහලේ ගින්නක් ඇතිව ඇති බව හලාවත පොලිසියට දැනුම් දී ඇති අතර පැයකට ආසන්න කාලයක් මහත් පරිශ්‍රමයකින් අනතුරුව පොලිසිය ප්‍රදේශවාසීන් හා හලාවත නගර සභාව එක්ව ගින්න මැඬපැවැත්වීමට කටයුතු කර ඇත.

එහිදී පිලිස්සුනු මවගේ සිරුර නිවසේ කාමරයක් තුළ තිබී හමුවී ඇති අතර සිරුරේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල තිබී ඇති අතර ඇඳ ආසන්නයේම තියුණු ආයුධයක්ද තිබී හමුවී තිබේ.

දරුණු ලෙස පිලිස්සී තිබූ පියාගේ සහ දියණියගේ මළ සිරුරු නිවසේ සාලයේ පුටුවක් මත තිබී හමුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.