ජනාධිපති අනුර කුමාර දිසානායක තමාට හිමිවන වැටුප ලබා නොගැනීමට තීරණය කර ඇති අතර එම වැටුප වෙතත් අරමුදලට යොමුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක තමාට හිමිවන වැටුප මන්ත්‍රී වැටුප් අරමුදලට කෙලින්ම යොමු කිරීමට තීරණය කර ඇත.
එම මන්ත්‍රී වැටුප් අරමුදලින් රිදීමාලියද්ද ප්‍රදේශයේ නේත්‍ර නමින් පරිඝණක මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බව වාර්තා වේ.
තවද පෙර පාසල් හදන්නත්, ඒ සදහා ගුරුවරු පත් කිරීමටත්, එම ගුරුවරුන්ට දීමනා ලබාදීමට ද මන්ත්‍රී වැටුප් අරමුදලින් මුදල් යොදා ගන්නා බව වාර්තා වේ.
පෙර පාසල්, පුස්තකාල සෑදීමටත්, ඒවා නවීකරණය කිරීමටත්, පාසල්වලට ආධාර කිරීමට ද එම මන්ත්‍රී වැටුප් අරමුදලින් මුදල් යොමු කරන බවද වාර්තා වේ.

