Image

අවබෝධයෙන් වැඩකරන්න ලෑස්ති නැතිනම්, නීතියට වැඩ කරන්න මම සූදානම්.. ජනපතිගෙන් රතු එළියක්.!

ජාතික ජන බලවේගයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික් මහ මැතිවරණ ප්‍රචාරක ජන රැලිය අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා පවසා සිටියේ ජනතාවගේ පරිභෝජන අවශ්‍යතාවයට ප්‍රමාණවත් තරම් වී සංචිත රට තුළ පවතිනා බවයි.

මේ වනවිට පවතින සහල් හිඟය මිල ඉහල නැංවීමේ අරමුණෙන් කෘතීමව ඇති කළ එකක් බව පෙන්වාදුන් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් තමා රටේ ප්‍රධාන වී මෝල් හිමියන් කැඳවා අවශ්‍ය දැනුවත්කිරීම් සිදුකළ බවද පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ රජය සහ ව්‍යාපාරිකයින් අවබෝධයෙන් කටයුතු කිරීමේ වැදගත්කම එහිදී එම පිරිසට පැහැදිලි කළ බවත් වී මෝල් හිමියන් එසේ කටයුතු කිරීමට සූදානම් නැතිනම්, රජය නීතියට වැඩ කිරීමටද සූදානම් බවයි.

TRENDING POST