ලංකාවටම හාල් බෙදන පොළොන්නරුවේ වත් පාලන මිලට හාල් මිලදී ගැනීම සඳහා නිසි ස්ථානයක් නොමැති බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් මහතා පවසනවා.
ඒ ඊයේ පොලොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින්.
පොළොන්නරුව ප්‍රසිද්ධ වී ඇත්තේ පෙර පැවති රාජධානි නිසා නොව හාල් මාෆියාව නිසා බවත්, හාල් ව්‍යාපාරිකයෝ විවිධ පක්ෂ සමග එක්ව දේශපාලනය සමග ඉතාම මිත්‍රශීලීව කටයුතු කරන බවත් ඔහු පැවසුවා.
පාලන මිලට සහල් ඇති බව ජනපතිවරයා පැවසූවත්, පොළොන්නරුවේදීවත් පාලන මිලට සහල් මිලදී ගැනීමට නොමැතිවීම ගැටළුවට කරුණක් බවයි ඔහු අවධාරණය කර සිටියේ.
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය ආණ්ඩුව නිසි මගට යොමු කරන පක්ෂයක් බවත්, මෙම සහල් ඒකාධිකාරය නැති කිරීමට කඩිනම් පියවර ගත යුතු බවත් ඔහු එහිදී සඳහන් කළා.
ජනතාවට දැනෙන වෙනසක් සිදුනොවන්නේ නම්, රටේ සිදුව ඇතැයි කියන කිසිඳු දේශපාලන පරිවර්තනයකින් ඵලක් නොමැති බවයි ඔහු පැවසුවේ.
එම නිසා සහල් මිල, පොල් මිල, බිත්තර මිල පිළිබඳව ආණ්ඩුව වගකීමකින් කටයුතු කළ යුතු බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

