පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ පසුගිය කන්නයේ දී මිලදී ගත් නාඩු වී තොග ලබන වසරේ මාර්තු මාසය වන තෙක් පවතින බැවින් ඒවා පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා අනුව වෙළද පොළට නිකුත් කිරීමේ හැකියාව පවතින බවයි.
පොළොන්නරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එහි ලේකම් ප්‍රසාද් හේරත් මහතා කියා සිටියේ ඒවා රුපියල් 110ත් 115ත් අතර මිලකට ලබාගත් බැවින් පාලන මිලෙහි කිසිදු වෙනසක් නොකර සහල් තොග ලබාදීමට ද හැකියාව පවතින බවයි

