Image

පොලිස්පති ධුරය නිසා මැතිසබේ උණුසුම්

පොලිස්පති ධූරය සම්බන්ධයෙන් ඇතිවූ විවිධ  වාද විවාද හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද  (25)  පෙරවරුවේ දැඩි  උණුසුම් තත්වයක් ඇතිවිය.

විපක්ෂයේ මන්ත්‍රීවරු සභාවේ කටයුතු ආරම්භයේදී  නැගී සිටිමින් පොලිස්පති ධූරය  සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය  ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටියහ.  මේ අවස්ථාවේදී මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය අනුව  මේ වෙලාවේ ඒ ගැන  කතා කළ නොහැකි බවයි.

නියෝජ්‍ය කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවවාද කරනුද  මෙහිදී  දැක ගත හැකිවිය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා:

අධිකරණය දුන්න අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කරන්න රජය බැඳී සිටිනවා.

සභානායක,  අමාත්‍ය  ආචාර්ය   සුසිල් ප්‍රේමජයන්ත මහතා:

පාර්ලිමේන්තුව, විධායකය,  කැබිනට්ටුව අධිකරණය නියෝග වලට ගරු කරනවා. මේක ව්‍යවස්ථා සභාවට අදාළ කාරණයක්. අපි  කතානායකතුමාට  ප්‍රශ්නය යොමු කරලා විසඳන්න බලනවා. ප්‍රස්තුත කාරණය පාර්ලිමේන්තුවට අදාළ කාරණයක් නොවෙයි. මේක ව්‍යවස්ථා සභාවට යොමු විය යුතුයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.