Image

ආණ්ඩුව රට ගෝලීය ආර්ථික බූවල්ලන්ට පුදයි… බැඳුම්කර විකුණීමත් ඇමරිකානු බැංකුවකට දීලා…! – පුබුදු ජයගොඩ

මාලිමාණ්ඩුව රනිල් වික්‍රමසිංහගේ ව්‍යාපෘතිය ඉදිරියට රැගෙන යන අතර ඉන් තවත් ඉදිරියට ගොස් බැඳුම්කර නිකුත් කිරීමට ඇමරිකානු සිටි බැංකුව (City Bank) නම් කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පෙන්වා දෙන්න් මෙම බැංකුව 2008 ලෝක ආර්ථික අර්බුදය අවස්ථාවේ ඇමරිකානු ජනතාව ඉතා ම දරුණු ලෙස සූරාකෑ ජනතාවට වංචා කළ ආයතනයක් බවයි.

එසේම මෙම බැංකුව සහ ස්වෛරීත්ව බැඳුම්කර මිලට ගන්නා ජාත්‍යන්තර සමාගම් අතර ඍජු සබඳතා ඇති බවත් එම බැංකුවේ නිලධාරීන් එම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල ඇති බවත් පුබුදු ජයගොඩ අවධාරණය කරයි.

මෙය නරියාට කුකුළු කොටුව භාර දීමක් බවත් වේදිකාවේ සිදුකළ කතා සහ ප්‍රතිපත්තිවලට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ගමනක යමින් ගෝළීය ආර්ථික බූවල්ලන්ට වාසිදායක තීන්දු තීරණ ගනිමින් ඇතැයි හෙතෙම චෝදනා කරයි.

TRENDING POST