අසාධාරණ ලෙස ලාභ ලැබීමට සහල් පාලන මිලෙහි වෙනසක් සිදු කරන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
සහල් පාලන මිල වැඩි කරමින්, අසාධාරණ ලෙස ලාභ ලැබීමට කිසිදු ව්‍යාපාරිකයෙකුට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
සහල් වෙළඳපොළ සමතුලිත කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ ගබඩා ධාරිතාව වැඩි කිරීමට රජයේ සහාය ලබාදෙන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
කෘෂිකර්ම හා වාරිමාර්ග ක්ෂේත්රවල ප්‍රවර්ධනයට මෙන්ම පොහොර සහනාධාරය ලබාදීම සදහා රජය විශාල මුදලක් වැය කරන බැවින් ජනතාවට සහල් සැපයීමේදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට ද සමාජයීය වගකීමක් පැවරෙන බව ජනාධිපතිවරයා සදහන් කරයි.
සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ ධාරිතාව නගා සිටුවමින් සහල් වෙළෙඳපොළ සමතුලිත කිරීමට අදාළව ගත යුතු පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

