හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසට පසුගිය 2023 වසරේ සිට මේ දක්වා රුපියල් තිස් දෙලක්ෂ පන දහසක (3,250,000) ඉන්ධන කුපන්පත් නිකුත් කර ඇත.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අනුව ඩීසල් ලීටර 1200ක් සහ පෙට්‍රල් ලීටර 750ක් මාසිකව හිමිවන අතර මාසයේ (01) දින ඉන්ධන වල වෙළෙඳපොළ වටිනාකම අනුව උපරිම වටිනාකම ඉක්ම නොයන පරිදි අදාළ කාලසීමාව තුළ ඉන්ධන කුපන්පත් නිකුත් කරයි.
ඒ අනුව 2023.01.01 සිට 2024.10.07 දක්වා කාලය තුළ නිකුත් කරන ලද ඉන්ධන කුපන්පත් වටිනාකම රුපියල් 3,250,000ක් වේ.

