Image

ආරක්‍ෂාව ගැලෙව්වට කහටක් නෑ.!

හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පුවත්පතකට පිළිතුරු දෙමින් පවසා සිටියේ තමාට තරහකාරයන් කිසිවෙකු නැති හෙයින් තම ආරක්‍ෂාව ඉවත්කිරීම තමාට ප්‍රශ්නයක් නොවන බවයි.

තම දේශපාලන දිවිය තුළ තමාට සතුරන් ගොඩනැගී නොමැති බවත් ඉදිරි කාලය තුළ තමාගේ වැඩක් කරගෙන පාඩුවේ ජීවත්වීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුනි.

“මට කිසි තරහකාරයෙක් නැහැ. මම මගේ වැඩක් කරගෙන පාඩුවේ ජීවත් වෙනවා. මගේ විතරක් නොවෙයි අනිත් හිටපු මැති ඇමැතිවරුන් ගෙත් ආරක්‍ෂාව ඉවත්කර තිබෙනවා. ආරක්ෂාව ඉවත් කළා කියලා අමනාපයක් නැහැ. ලතවෙන්නෙත් නැහැ.”

TRENDING POST