මෙරට තුළ රුසියානු, යුක්රේන සහ ඊශ්රායල ජාතික සංචාරකයන් වීසා කාලය ඉක්මවමින් රැදී සිටින බවටත් එම සංචාරකයන් සොයා ඔවුන් රටින් පිට කිරීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සැරසෙන බව වාර්තා වේ.
බොහෝ සංචාරකයින්ට දින 30ක සංචාරක වීසා බලපත්රයක් ලැබෙන අතර වීසා කාලය අවසන් වූ පසු ඇතැම් සංචාරකයෝ දිගුවක් සදහා ඉල්ලුම් කළද, තවත් සංචාරකයින් වලංගු අවසර වීසා පතක් නොමැතිව රට තුළ රැඳී සිටින බවට නිරීක්ෂණය වී ඇති බවද වාර්තා වේ.
එළඹෙන නොවැම්බර් මාසයේදී දකුණු වෙරළබඩ තීරයේ සංචාරක සමය ආරම්භ වන අතර එම මාසය වනවිට බටහිර සහ නැගෙනහිර රටවල් ගණනාවකින් විදේශීය සංචාරකයින් මෙරටට පැමිණීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් නොවැම්බර් මාසයේ මුල සිට වීසා කාලය ඉක්මවමින් රැදී සිටින විදෙස් සංචාරකයින් සොයා මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බවද වාර්තා වේ.

